🧔කුමාරියේ....
උදාරියේ....//
නුවන් සලා කරන්නෙපා ආයාචනා...//
👩කුමාරයා ඔබයි ප්රියේ....//
උදා කලේ මගේ සිතේ පෙම් ප්රාර්ථනා...//
👩සෙනේ නුවන් තලාවේ
තරු යුවලක් සිනාවේ...
එළිය දිදී සිහින විමානේ....//
🧔පිබිදී ලමැදේ තිසරුන් රගාවී
ආදරයෙන් ලං ලංවී කතාවී....
🧔ඔබයි සුපෙම් නිධානේ
කතා කියූ පුරාණේ....//
ලැගුම් ලබා හද සන්තානේ...//
👩සැතපී සුවසේ ඉන්නෙම් තුරුල්වී
මමයි ඔබේ ආදර රන් කිරිල්ලී...
ගායනය - ලක්ශ්මන් රොඩ්රිගෝ/ රූපා ඉන්දුමතී
පදරචනය- හේමාශ්රී ද අල්විස්
සංගීතය - මොහොමඩ් සාලි
![](https://i.ytimg.com/vi/pRqdsQWOWfk/mqdefault.jpg)